Feb 27, 2017

ඔස්කාර් උළෙලේ දී හිමි-අහිමි සම්මානයක් (වීඩියෝ)

ලොව දැවැන්තම සිනමා සම්මාන උළෙල වන ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වුණු අතර, මෙහිදී ඔස්කාර් ඉතිහාසයේ මීට පෙර කිසිදිනක නොවූ වරදක් සිදුවී තිබේ.
 
 
ඒ, සම්මාන උළෙලේ ප්‍රධානතම සම්මානය වන හොඳම චිත්‍ර‍පටය සඳහා වූ සම්මානය හිමි කරන ගත් ජයග්‍රාහකයින් වැරදි ලෙස නිවේදනය කිරීමයි.
 
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නිවේදනය වූයේ ලා ලා ලෑන්ඩ් චිත්‍රපටයයි. 
 
එහෙත් එහි න්ෂ්පාදකයන් විසින් සම්මානයද ලබාගෙන වේදිකාව මත සිට උත්සවය අමතද්දී ඔවුන්ට මෙම වරද හසුවී තිබුණි. ඒ සමගම එම වරද නිවැරදි කරමින් ඔවුන්, සැබෑ ජයග්‍රාහකයන් වන මූන්ලයිට් චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට වේදිකාවට ආරාධනා කර සිටි අයුරු පහත දැක්වේ.
 
 
කෙසේ වෙතත්, මෙවර සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණය හිමිවූයේ ලා ලා ලෑන්ඩ් චිත්‍රපටයටයි. ඔවුන් මෙලෙස හිමිකරගත් සම්මාන ප්‍රමාණය 6කි.
 
හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ලා ලා ලෑන්ඩ් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් වන අතර, ’ද මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ කේසි ඇෆ්ලෙක් හොඳම නළුවා බවට පත්විය.
 
තවද, මූන්ලයිට් චිත්‍රපටයේ රඟපෑ මහේර්ෂලාහ් අලී, හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් ද ෆෙන්සස් චිත්‍රපටයේ රඟපෑ වයෝලා ඩේවිස් හොඳම නිළියට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.
 
මේ අතර, ලා ලා ලෑන්ඩ් හි අධ්‍යක්ෂක ඩේමියන් චැන්සෙල්, හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි ඔස්කාර් සම්මානය දිනාගැනීමට සමත් වූ ලාබාලතම අධ්‍යක්ෂකවරයා ලෙස ද ඉතිහාසගත විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top