Mar 31, 2021

තන්ඩර්කැට්ස්, චිත්‍රපටයක් වන ලකුණු!

අසූව දශකයේදී අතිජනප්‍රිය කාටූනයක් වූ 'තන්ඩර්කැට්ස්' (Thundercats) ඇසුරෙන් සජීවීකරණ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට තමා වැඩ අරඹා ඇති බව Godzilla vs. Kong හි අධ්‍යක්ෂක ඇඩම් වින්ගාර්ඩ් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඩෙඩ්ලයින් නම් වෙබ්අඩවියක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

'තන්ඩර්කැට්ස්' කාටූනය අවසන් වන විට ඔහු පාසැල් වියේ පසුවූ බවත්, 'තන්ඩර්කැට්ස්' චිත්‍රපටයක් සඳහා ඔහු එම කාලයේදී පිටු 272ක් දිගැති තිරපටයක් රචනා කළ බවත් වින්ගාර්ඩ් පවසා ඇත.

CGI තාක්ෂණය යොදාගෙන මීට පෙර පෙර නොදුටු විරූ මනංකල්පිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට හැකි වන අවස්ථාවක් ලෙස තමා දුටු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top