Apr 02, 2021

බොලිවුඩ් කොරෝනා පොකුර ඉහළට - ආලියාටත් කොරෝනා

බොලිවුඩ් සුපිරි නිළි ආලියා බාත්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (01) ඇය සිය ඉන්සටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබේ.

ඒ අනුව තමන් නිවසේ සිට නිරෝධායනය වන බවද වෛද්‍යවරයන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බවද එහි සඳහන් කර ඇත.

ආලියාගේ පෙම්වතා වන රන්බීර් කපූර්ට ද පසුගිය මාර්තු මාසයේ කොරෝනා වෛරසය ආසදනය වූ අතර මාර්තු මාසයේම ප්‍රකට බොලිවුඩ් සිනමාපට අධ්‍යක්ෂකවරයෙකු වන සංජේ ලීලා බන්සාලිට ද කොරෝනා වෛරසය ආසාදනය විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top