Apr 08, 2021

දුලබ සුපර්මෑන් චිත්‍රකතා පොතට වාර්තාගත මිලක්!

සුපිරි වීරයන් ගේ ඉතිහාසයේ දැවැත්ම චරිතයක් වන 'සුපර් මෑන්' චරිතය මුල් වරට හඳුන්වාදෙනු ලැබූ දුර්ලභ චිත්‍රකතා සඟරාවක් වාර්තාගත අගයකට අලෙවි වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ComicConnect.com නම් අන්තර්ජාල වෙන්දේසි ආයතනය පවසා ඇත්තේ 1930 ගණන්වල පැරණි සිනමා සඟරා ගොඩක් අතරින් මෙම සඟරාව හමුවූ බවත් එය ඉතා හොඳ තත්ත්වයේ පවතින බවත්ය.

Action Comics නම් සඟරාවේ මුල් කලාපය වන මෙය අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 3.25කටය. ඒ අනුව, මෙය ලොව වැඩිම වටිනාකමකින් යුත් චිත්‍රකතා සඟරාව බවට පත්වී ඇත.

එය වසර 1938දී මුල්වරට අලෙවි වී ඇත්තේ ඩොලර් සත 10කටය. 

'සුපර් මෑන්' මුල්වරට පෘථිවියට පැමිණ මෙලාව තුළ ක්ලාක් කෙන්ට් ලෙස ජීවත්වීම ඇරඹූ අයුරු පවසන මෙම සඟරාවේ පිටපත් ඉතිරිව ඇත්තේ 100ක් පමණ බව පැවසේ.

මෙහි තවත් පිටපතක් 2014 දී ඊ බේ ඔස්සේ ඩොලර් මිලියන 3.2 කට විකුණා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top