Apr 30, 2021

රන්ධීර් කපූර් ට ත් කොරෝනා

බොලිවුඩ් පුරයේ ජ්‍යෙෂ්ඨ නළුවෙකු වන රන්ධීර් කපූර් හට කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ (29) වාර්තා කර තිබුණි.

74-හැවිරිදි ඔහු මුම්බායි හි පිහිටි කෝකිලාබේන් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු ස්ථාවර සෞඛ්‍ය මට්ටමක පසුවන බවද විදෙස් වාර්තා සඳහන් කරයිත

රන්ධීර් කපූර් යනු බොලිවුඩ් පුරයේ කිසිදා නොමැකෙන තරුවක් වන රාජ් කපූර් ගේ වැඩිමහල් පුතණුවන් වන අතර, කරිස්මා හා කරීනා කපූර් ගේ පියා ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top