Mar 08, 2017

ජෝර්ජ් මයිකල් මියගියේ ස්වභාවික හේතු නිසා

ජනප්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් ස්වභාවික හේතු නිසාවෙන් මරණයට පත්වී ඇතැයි මරණ පරීක්ෂක වාර්තාවේ සඳහන් වේ.

ඔහු හෘද හා අක්මා රෝගයකින් පෙළී ඇති නමුත්, මෙම මරණය ස්වභාවික හේතු නිසාවෙන් සිදුවූ බැවින් වැඩිදුර මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අනවශ්‍ය බව ඔක්ස්ෆර්ඩ්ෂයර් හි ජේ‍යෂ්ට මරණ පරීක්ෂක - ඩැරන් සෝල්ටර් පවසි තිබේ.

පසුගිය වසරේ නත්තල් දිනයේදී ජෝර්ජ් මයිකල් ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි සිය නිවසේ දී මියගිය අතර, ඒ වන විට ඔහු 53 වියේ පසුවිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top