Mar 09, 2017

රවීනා ගේ හිට් එක මැෂින් සිත්තමට අළුත් වෙයි (වීඩියෝ)

අනූව දශකයේ අතිජනප්‍රිය හින්දී ගීයක් වූ මොහ්රා චිත්‍රපටයේ “තූ චීස් බඩී හේ මස්ත් මස්ත්” ගීතය යළිත් බොලිවුඩ් රිදී තිරයට එක්වීමට නියමිතය.
 
 
ඒ, මැෂින් චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් වෙනුවෙනි.
 
නේහා කක්කර් විසින් ගායනා කරන මෙම ගීතය ප්‍රතිනිර්ම්ණය කර ඇත්තේ කෝමෙල්-ශිවාන් දෙදෙනාය. බොලිවුඩ් සිනමාවේ නවකයෙකු වන මුස්තාෆා හා කියාරා අද්වානි මෙම ජවනිකාවට පෙනී සිටියි.
 
මෙහි නව ගීතය ඇතුළත් වීඩියෝව මෙසේය:
 
 
“තූ චීස් බඩී හේ මස්ත් මස්ත්” මුල් ගීතය කවිතා ක්‍රිෂ්ණමූර්ති විසින් ගායනා කළ අතර, එහි ජවනිකාවට පෙනී සිටියේ රවීනා තන්ඩන් හා අක්ෂේ කුමාර් ය.
 
මෙහි මුල් ගීතයේ වීඩියෝව මෙසේය :
 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top