May 31, 2021

ටාසන් අවසන් ගමන් යයි

‘ටාසන්’ චිත්‍රපටි මාලාවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් නළු ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති බවට විශ්වාස කෙරේ.

58 වියේ පසු වූ ලාරා, ඔහුගේ බිරිඳ ඇතුළ සත්දෙනෙකු ගමනක් ගත් සැහැල්ලු ගුවන් යානයක් ඇමෙරිකාවේ ටෙනසී ප්‍රාන්තයේදී විලකට කඩාවැටී තිබුණු අතර, මුදාගැනීමේ මෙහෙයුමක නිරතවූවන් පවසා තිබුණේ අනතුර සිදුවූ ස්ථානයේ මිනිස් සිරුරු කොටස් හමුවූ බවයි.

1989 Tarzan in Manhattan නම් රූපවාහිනි චිත්‍රපටය ඔස්සේ ජනප්‍රියත්වයට පත් ලාරා, 1996 දී Tarzan: The Epic Adventures නම් ටෙලි මාලාවෙන් ද ලොව පුරා ජනප්‍රිය විය.

වසර 2002 දී නළුවෙකු ලෙස සිය වෘත්තිය අත්හැරි ලාරා කන්ට්‍රි සංගීතය ඔස්සේ නව ගමනක් ඇරඹීය.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top