Jun 05, 2021

නිම්මි UK හි ජාතික රූපවාහිනී හොඳම නිළිය සම්මානයට

ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය නිළි නිම්මි හරස්ගම එක්සත් රාජධානියේ ජාතික රූපවාහිනී සම්මාන උළෙලේදී හොඳම නාට්‍ය රංගනය සඳහා නම් කර තිබේ.

ඇය 2004 දී ස්පාඤ්ඤයේ පැවති අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘ඉර මදියම’ සිංහල චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

නිම්මි මේ සම්මානය සඳහා නම්කර ඇත්තේ අයිටීවී වැඩසටහනේ තුන්වන කථාමාලාවේ ‘The Good Karma Hospital’ හි රංගනය වෙනුවෙනි.

ඇය එහි එම කථාංගයේ ප්‍රධාන චරිතය වන මාරි නම් හෙදියගේ චරිතයට පණපොවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top