Jul 18, 2021

පාම් දෝර් සම්මානය ටිටෑන් චිත්‍රපටයට

ප්‍රංශයේ පැවති 2021 කෑන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා හිමි පාම් දෝර් සම්මානය ටිටෑන්  (Titane) නම් චිත්‍රපටයට හිමිවිය.
 
ටිටෑන් යනු ළමා වියේදී මෝටර් රථ අනතුරකින් දිවිගලවා ගත් යොවුන් කාන්තා ඝාතකවරියකගේ ජුගුප්සාජනක කතා පුවතක් බව විදෙස් වාර්තා වල දැක්වේ. 
 
පාම් දොර් සම්මානයට පාත්‍ර වූ දෙවැනි කාන්තාවත් එය තනියන් ජයගත් පළමු කාන්තාවත් ලෙස මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා - ජූලියා ජුකෝනෝ (Julie Ducournau) කෑන් සිනමා උළෙලේ ඉතිහාසයට එක්විය.
 
ටිටෑන් යනු ඇගේ දෙවැනි විශේෂාංග චිත්‍රපටයයි. 
 
කොවිඩ්-19 වසංගතය හමුවේ 2019න් පසුව පැවැත්වුණු පළමු කෑන් සිනමා උළෙල මෙයයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top