Jul 21, 2021

ශිල්පා ගේ සැමියා පොලිස් අත්අඩංගුවට!

මුම්බායි පොලිසිය විසින් බොලිවුඩ් තරුවක් වන ශිල්පා ෂෙට්ටි ගේ සැමියා වන රාජ් කුන්ද්‍රා ව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කාමුක චිත්‍රපට නිෂ්පාදනය කිරීම සහ අන්තර්ජාලයේ පළ කිරීම යන චෝදනා යටතේය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති මුම්බායි පොලිසිය පවසා ඇත්තේ ඔවුන් සතුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත්, කුන්ද්‍රා මෙහි ප්‍රධාන චරිතය බවත්ය.

ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියේ ජනප්‍රිය කණ්ඩායාමක් වූ රාජස්ථාන් රෝයල්ස් හි සම හිමිකරු වූ කුන්ද්‍රා, තරග පාවා දීමේ චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා යළි ක්‍රිකට් සම්බන්ධ කිසිඳු කටයුත්තකට සහභාගී වීමට නොහැකි වන ලෙස තහනමක් ලැබුවේ 2015දීය.

වසර 2009දී විවාහ වූ රාජ් කුන්ද්‍රා හා ශිල්පා ෂෙට්ටි හට මේ වන විට දරුවන් දෙදෙනෙකු සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top