ඒ, ලබන සතියේ (මාර්තු 20) සිට සතියේ දිනවල ප.ව. 7.00 - ප.ව. 8.00 හෝරාව තුළ පැවැත්වෙන වැඩසටහන් වල දැවැන්ත වෙනසක් සිදුකරමිනි.
‘හවසට ගෙදර’ යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එළිදැක්වුණි.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වන නීතිඥ රවී ජයවර්ධන මහතා පවසා සිටියේ “යළිත් ජනතාවට උසස් ඝනයේ රසාස්වාදයක් ලබාදීමට මෙරට ජාතික නාලිකාව ලෙස කටයුතු," කරන බවයි.
රූපවාහිනි නාලිකාව විසින් ලබන සතියේ සිට සතියේ දිනවල ප.ව. 7.00 - ප.ව. 8.00 හෝරාව තුළ ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරනු ලබන නව වැඩසටහන් මාලාව මෙසේය.
සඳුදා - මිහිකත ඔබේය - විත්ති කතා පෙළ
ඩිස්කවරි, බීබීසී, එන්.එච්.කේ., නැෂනල් ජියෝග්රැෆික් ආදී නාලිකා වල විශ්ව සම්භාවනාවට ලක්වූ තෝරාගත් සුවිශේෂ පරිසර වාර්තා වැඩසටහන් සිංහල පසුබිම කථනයන් හා උපසිරැසි සහිතව ඉදිරිපත් කෙරේ.
අඟහරුවාදා - හිත ළඟ 7
වසර 17කට පසුව යළිත් රූපවාහිනි නාලිකාවට පිවිසෙන හේම නලින් කරුණාරත්නයන් ගේ ඉදිරිපත් කිරීමක් වන හිත ළඟ 7 සාම්ප්‍රදායික සඟරා සම්ප්‍රදායෙන් මිදී නවමු ආරයකට දැනුම හා විනෝදය ප්‍රේක්ෂකයන් වෙත ගෙන එයි.
බදාදා - කවුද ස්ටාර්
සුසිරන් ද සිල්වා, රසික සුරවීරආරච්චි හා චාලක රණසූරිය ගේ තිරපිටපත් රචනයක් වන කවුද ස්ටාර් වැඩසටහන, ස්ටර් ලා බුරුතු පිටින් බිහිකරන මේ යුගයේ ඒ දෙස උපහාසාත්මකව බලයි.
බ්‍රහස්පතින්දා - X Files ටොප් 20
ලොව අතිජනප්‍රිය ත්‍රාසජනක රූපවාහිනි කතා මාලාවක වන X Files සිංහල උපසිරැසි සමගින්.
සිකුරාදා - මහෝඝය
මෙරට සංගීත ක්ෂේත්රයේ සිටින දක්ෂතම ගීතරචකයෙකු වන බන්දුල නානායක්කාරවසම් විසින් ඉදිරිපත් කරනු ලබන මහෝඝය, රූපවාහිනි නාලිකාව විසින් සංගීත රසික රසිකාවියන් වෙත පිදෙන සංගීතමය තිළිණයකි.
