ඔහු ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු සහ පද රචකයෙකු ලෙසත් නමක් දිනා ගත් සංගීතඥයෙකි.
මිය යන විට ඔහු අනූ වෙනි වියේ පසු විය.
දශක හතක වෘත්තීය ජීවිතය තුළ චක් බේරී විසින් ගායනා කරන ලද 'Roll Over Beethoven' සහ 'Johnny B. Goode' ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතර බෙහෙවින් ජනප්රියත්වයට පත් විය.
මාර්තු 18 පස්වරුවේ ඔහු මිය ගිය බව ඇමරිකාවේ මිසුරි ප්රාන්තයේ පොලිසිය තහවුරු කළේය.
බීට්ල්ස් සහ රෝලින් ස්ටෝන් සංගීත කණ්ඩායම් විසින් ඔහුගේ ගීත යළි ගයනා කරනු ලැබ තිබේ.
"රොක් ඇන්ඩ් රෝල් සංගීතයට වෙනත් නමක් ලබා දෙනවා නම්, ඔබට එය චක් බේරී ලෙස හඳුන්වන්න පුළුවන්" බීට්ල්ස් ගායක ජෝන් ලෙනන් වරක පැවසීය.
(බීබීසී සංදේශය)