Sep 13, 2021

ඩැල්රින් සුබී මියගිහින් නෑ - කොරින් අල්මේදා

'ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා' ගීතය හා තවත් ගීත බොහොමයක් ගැයු ප්‍රවීණ ගායිකාවක් වූ ඩැල්රින් සුබි කොරෝනා ආසාදනය වී මිය ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත අසත්‍යක් බව ප්‍රවීණ ගායිකා කොරින් අල්මේදා තහවුරු කර තිබේ.
 
" ඒ කතාව පට්ටපල් බොරුවක්. ඩැල්රින්  සුවෙන් ඉන්නවා. එයා තව ම ජිවතුන් අතර ඉන්නකොට ඒවගේ කතා පතුරවන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි" යනුවෙන් ඇය හිරු වෙත අදහස් දක්වමින් පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top