Pasidol
Sathosa Ad Final Sinhala
Mar 22, 2017

‘සෙසමී ස්ට්‍රීට්’ වල ඕටිසම් ගැන කියා දෙන ජූලියා (වීඩියෝ) Featured

දශක ගණනාවක් පුරාවට ලොව වටා දරුවන් රැසක ගේ අතිශය ආදරයට පාත්‍ර වූ ‘සෙසමී ස්ට්‍රීට්’ රූපවාහිනී වැඩසටහනේ නව වෙනසක් ඇකි වීමට නියමිත බව වාර්තා වේ.

එම වෙනස සිදුවන්නේ එම වැඩසටහනට හඳුනාදීමට නියමිත නව මපට් (අත්රූකඩ) චරිතයක් මගිනි.

ඇගේ නම ජූලියා ය. කොළ පැහැ විසල් දෙනෙත් හා රත්පැහැ හිසකෙස් සහිත ජූලියා ගේ විශේෂත්වය වන්නේ ඇය ඕටිසම් දැරියක් වීමයි.

මේ වන විටත් ඩිජිටල් සහ මුද්‍රිත ළමා කතන්දර පොත්වලට ඇතුළත් කර ඇති ’ජූලියා’, ප්‍රධාන ‘සෙසමී ස්ට්‍රීට්’ රූපවාහිනී වැඩසටහනෙන් මුල්වරට හමුවන්නේ අප්‍රේල් 10දා ය.

එම චරිතය තුළින් ඕටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් පිළිබඳව ළමුන් ට වැඩි දැනුමක් ලබාදීමට හා ඔවුන් සම්බන්ධයෙන් ධනාත්මක ආකල්ප ඇතිකිරීමටත්
මෙම වැඩසටහනේ බලධාරීන් බලාපොරොත්තු වේ.

CBS රූපවාහිනියට අදහස් දක්වමින් 'සෙසමි ස්ට්‍රීට්' රචිකාවිය වන ක්‍රිස්ටීන් ෆෙරාරෝ ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණේ මෙසේය.

"මුලින්ම ඇතිවුණු ලොකුම සංවාදය තමයි අපි කොහොමද මේක කරන්නෙ කියන එක. අපි කොහොමද ඕටිසම් ගැන කතාකරන්නේ… ඒක ටිකක් අමාරු කාරණයක්. මොකද 'ඕටිසම්' කියන්නෙ එක දෙයක් නොවෙයි. ඕටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයන් එකිනෙකාට වෙනස්…”

මේ අනුව ජූලියාගෙන් 'ඕටිසම් රෝගයෙන් පෙළෙන්නන් ගේ විවිධ ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම අත්රූකඩය හසුරුවන ශිල්පිණිය වන ස්ටේසි ගෝර්ඩන් ද ’ඕටිසම්' තත්වයෙන් පෙළෙන දරුවකුගේ මවක් වීමයි.

ජූලියා වැනි චරිතයක් නිර්මාණය කිරීම තමාට පෞද්ගලිකවම සුවිශේෂී කාරණයක් බව ඇය පවසන්නේ මෙසේය.

“පන්තිකාමරයේ දී දකින්න කලින් රූපවාහිනියෙන් දැකලා හෝ ඕට්සිම් දරුවන් ගේ හැසිරීමට මගේ දරුවාගේ පංතියේ ළමයි හුරුවෙලා හිටියා නම් ඔවුන් මගේ දරුවාගේ හැසිරීමට බයවෙන්නෙ නෑ. එහෙම වුනානම් ඔවුන් දැනගෙන ඉන්නවා ඔහු සෙල්ලම් කරන විදිය වෙනස් වුනත් ඒක කමක් නෑ කියලා.”

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top