Oct 07, 2021

"කෙල්ල" හි එකක් 9දා මුදාහරියි Featured

ප්‍රතිනිර්මාණය කර ගැයුණු 'මැණිකේ මගේ හිතේ' ගීතය හරහා ජපප්‍රියත්වයට පත්ව සිටින යොහානි ද සිල්වාගේ පළමු ගීත ඇල්බමයේ ගීතයක් මෙම මස 09 වැනිදා අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතය.

ඇයගේ පළමු ගීත ඇල්බමය ‘කෙල්ල’ නමින් ලබන වසරේ මැයි මාසයේ දී එළිදැක්වීමට නියමිත අතර එහි ඇතුළත් ‘ඉතින් ආදරේ පතාලා තැවුණේ – ඔබේ නමින් සිතින් වේදනා රිදී මියැදුණේ’ ගීතය අන්තර්ජාලයට මෙලෙස එක් කිරීමට නියමිතව තිබේ.

යොහානිගේම අපූරු තනුවකට නිර්මාණය වී ඇති මෙහි සංගීතය ‘වයනක‘ සපයා ඇති අතර සංගීත සංයෝජනය ළහිරු පෙරේරාගෙනි.

එළි දැක්වීමට නියමිත ‘කෙල්ල’ ගීත ඇල්බමයේ ගීත ශ්‍රී ලාංකීය ස්ත්‍රීයකගේ ජීවිතය, ජීවන අරගලය, දුක, සතුට, ආදරය සහ විරහව පිළිබඳව වන නවමු අත්දැකීම් සමුදායක් මුසුවූවක් බවද පැවසේ.

ගීත දොළහකින් සමන්විත බවද වාර්තා වේ.

‘Pettah Effect සමග සුසංයෝගයක් වන මෙම ගීත එකතුවේ සිංහල ගීත පමණක් අන්තර්ගත වීම විශේෂත්වයකි.

Pettah Effect හි දිලංජන සෙනෙවිරත්න සහ ආසිරි පෙරේරාගේ පද රචනාවන්ගෙන් ‘කෙල්ල’ ගීත එකතුව නිර්මිතය.

සියලුම ගීතවල තනු නිර්මාණ කර ඇත්තේ යොහානිය.

සුන්දර විචිත්‍රවත් රූප රචනාවන්ගෙන් සමන්විත මෙම ගීත සමාජයේ නිරන්තරයෙන් ඇසෙන දකින සත්‍ය සිදුවිම් අලළා නිර්මාණය වී ඇතැයි පැවසේ.

මෙරට කාන්තාවන් වෙනුවෙන්ම මෙවැනි ගීත එකතුවකින් සමන්විත ගීත ඇල්බමයක් නිර්මාණය වන ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top