Oct 07, 2021

ඇත්තක් වුනු Squid Game නොම්මරේ අයින් කරන්න යයි!

මේ වන විට ලොවපුරා අතිජනප්‍රිය වී ඇති කතාමාලාවක් වන Squid Game හි දිස් වූ දුරකතන අංකයක් සංස්කරණය කර ඉවත්කිරීමට කටයුතු කරන බව Netflix සමාගම පවසයි.
 
මුදල් ලැබීම සඳහා මෙම අංකයට දුරකතන ඇමතුමක් ලබාදී බිහිසුනු ක්‍රීඩාවකට එක්වන ලෙස පවසමින් ජනතාවට මෙම කතාමාලාවේ ආරධනය කරනු ලබයි. දකුණු කොරියාව පදනම් කර ගත් කතාපුවතක් වන Squid Game,  අතිජනප්‍රියතම Netflix කතාමාලාවක් බවට පත් වී අවසන්ය.
 
කෙසේවෙතත්, එක් කාන්තාවක් පවසන්නේ ඉහත සඳහන් මෙම අංකය සිය පෞද්ගලික දුරකතන අංකය බැවින් ඇයට දුරකතන ඇමතුම් සිය දහස් ගණනක් ලැබුනු බවයි.
 
දකුණු කොරියාවේ ගිණිකොණ දිග Seongju ප්‍රදේශයේ ව්‍යාපාරික කතක් වන ඇය පවසන්නේ මෙම දුරකථන අංකය තමා විසින් දස වසරක් පුරාවට භාවිතා කළ බවයි.
 
දිගින් දිගටම දුරකතන ඇමතුම් ලැබෙද්දී ඊට හේතුව තමා මුලින් නොදැන සිටි නමුත්, Squid Game හි මෙම අංකය පෙන්වූ බවට සිය මිතුරෙකු ගේ මාර්ගයෙන් තමාට දැනගැනීමට හැකිවූ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
 
ඇය විසින් වොන් මිලියන 05ක පමණ වන්දි මුදල්ද ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.
 
වන්දි මුදලක් පිළිබඳව ප්‍රතිචාරයක් දක්වා නැති වුවත්, Netflix සමාගම රසික රසිකාවියන් ගෙන් ඉල්ලා ඇත්තේ එම අංකයට දුරකතන ඇමතුම් ලබාදීමෙන් වැළකී සිටින ලෙසයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top