පෙපා පිග් යනු එලෙස ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය කාටූන් චරිතයකි. එහෙත්, මෙම කාටූන් බැලීමට ඉඩකඩ ලබාදීමේදී දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු හේතුවක් පිළිබඳව බීබීසී පුවත් සේවය හෙළිදරව් කර තිබේ.
ඒ, සාමාන්‍යයෙන් පෙපා පිග් වැනි ළමා කාටූන් වලට බෙහෙවින් සමාන එහෙත්, ළමුන්ට නුසුදුසු දෑ ඇතුළත් කාටූන් ද මේ වන විට යූටියුබ් වෙබ් අඩවියට ඇතුළත් වී තිබීම හේතුවෙනි.
ප්රචණ්ඩත්වය, නපුරුකම්, අනෙකාට රිදවීම වැනි කරුණු ඇතුළත් මෙවැනි ව්‍යාජ පිටපත් වල සිටින කාටූන් චරිත, මුල් නිර්මාණ වල සිටින චරිත වල හැඩරුවට බෙහෙවින් සමාන බැවින් දරුවන් හට එම වෙනස හඳුනාගැනීම අපහසු වේ.
පෙපා පිග් ට අමතරව, ඩිස්නි කාටූන් චිත්‍රපටයක් වන ෆ්රෝසන් හා මිනියන්ස්, තෝමස් ද ටෑන්ක් එන්ජින් වැනි කාටූන් වලට සමාන මෙවැනි කාටූන් වීඩියෝ ද මෙලෙස යූටියුබ් වෙබ් අඩවියට එක්වී අවසන් බවත්, එවැනි ව්‍යාජ වීඩියෝ ඇතුළත් ඇතැම් යූටියුබ් නාලිකා (Youtube channel) නැරඹූ පිරිස බිලියන් ගණන් ඉක්මවන බව බීබීසී සේවය සඳහන් කරයි.
යූටියුබ් කිඩ්ස් ඇප් මෘදුකාංග (Youtube Kids App) විසින් මෙවැනි වීඩියෝ බොහොමයක් Filter කරනු ලැබුවද, එවැනි වීඩියෝ සියල්ලම ඉවත් කිරීමට එය ප්‍රමාණවත් නොවේ.
මේ හේතුවෙන් මෙම ගැටළුව විසඳීමට යූටියුබ් ගෙන ඇති ක්‍රියාමාර්ග බොහෝදෙනා ගේ විවේචනයට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් බීබීසී සේවය විසින් නිකුත් කර ඇති වීඩියෝව පහත දැක්වේ.