දැය හද දැවෙයි
සුරුවත් බිඳෙයි
අවි හැර දමා
සොයනෙමි ඔසූ
හිටපු LTTE සාමාජිකාවක්වන තමිලිනී වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක් එළිදක්වා ඇත.
මෙම ගීතය එළිදැක්වීමේ උත්සවය පසුගිය දා පැවැත්වුණේ කොළඹ ලයිට් හවුස් ගැලේ හී දියි.
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ පදරචනයක් වූ මෙම ගීතය මහින්ද කුමාර් විසින් දෙමළ බසට පරිවර්තනය කර ඇත.
උරේෂා රවිහාරී විසින් ගයන මෙහි සංගීත නිර්මාණය සිදු කොට තිබෙන්නේ දර්ශන රුවන් දිසානායක යි.
කාශ්‍යප සත්‍යප්‍රිය විසින් තම ගීතය තමිලිනීගේ සැමියා වන ජෙයකුමාරන් මහතාට පිළිගැන්වූ අතර මෙම අවස්ථාවට ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීණ සාහිත්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක වැනි අමුත්තන් සහභාගී වී සිටියේය.
මිහිමඬලේ රිද්මය (Rhythm of the earth) සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.
තමිලිනී වෙනුවෙන් නිර්මාණය වු ගීතය පහතින්.