Apr 02, 2017

චමත්කාගෙන් රුවන්ට මල් පොකුරු ප්‍රහාරයක් (වීඩියෝ)

“ඔබට සතුටුයි ද දැන්” කරලියට ගෙනා ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිට ගිනියම් රැය ගීත වීඩියොවෙන් ජනප්‍රියත්වයට පත් චමත්කා ලක්මිණි මල් පොකුරකින් දමාගසා ඇතැයි වාර්තා වේ.

රුවන්ට මෙසේ මල් පොකුරු ප්‍රහාරය එල්ලවී ඇත්තේ චමත්කා රැවන්ට ආදර ඉඟියක් කළ ද එයට රුවන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොවුණ නිසාය.

මේ සිද්ධිය සැබෑ ලොකයට අයිතිවන්නක් නොවන අතර එය රුවන්ගේ අලුත්ම ගීත වීඩියෝවට ඇතුළත් රූප රාමුවකි.

නව ගීතයේ රූප රචනය Cineworks විසින් සිදු කර ඇති අතර එහි අධ්‍යක්ෂණය හසිත ජයසංඛ විසින් සිදු කර තිබේ.

නව ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ ශෙහාන් ගලහිටියාව විසිනි.

මේ ගීතයට ජනයි - ප්‍රියයි දෙදෙනාද රංගනයෙන් දායකව සිටී.

රුවන්ගේ නව ගීය පහතින් නරඹන්න.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top