Apr 06, 2017

ලොව රූමතියන් අතර ප්‍රියංකා #2 ට

ලොව රූමත් කාන්තාවන් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමට බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සමත් වී තිබේ.

ඇයව මෙලෙස නම් කර ඇත්තේ Buzznet නම් වෙබ්අඩවියක් විසින් පවත්වනු ලැබූ මතවිමසුමක් මිගිනි.

මෙම ලැයිස්තුවේ අංක එකට පැමිණීමට සමත්වී ඇත්තේ පොප් රැජින ලෙස සැලකෙන බියොන්සේ ය.

ප්‍රියංකා මෙලෙස අංක දෙකට පැමිණ ඇත්තේ මෙම ලැයිස්තුවට බ්ලේක් ලයිව්ලි, එමා ස්ටෝන්, ඇන්ජලීනා ජෝලී වැනි සුරූපී නිළියන් ද ඇතුළත් ව සිටියදී ය.

දෙවැනි ස්ථානයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රියංකා ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ තමාගේ අංක එක ද බියොන්සේ බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top