Apr 10, 2017

කරදර නැතිව ලංකාවේ ෆිල්ම් බලන්න දෙන Lankaflix (වීඩියෝ)

උසස් තත්ත්වයෙන් යුත් ලාංකික චිත්‍රපට ඇතුළු විනෝදාත්මක වැඩසටහන් අන්තර්ජාලය පුරා සොයමින් ඔබටත් ඇති වෙලාද?

ලාංකික චිත්‍රපට, ටෙලිනාට්‍ය, වාර්තා චිත්‍රපට, සංගීත වැඩසටහන් ඇතුළු බොහෝ දේ ලොව කොතැන සිටියත් සිය තාක්ෂණික උපාංගය මගින් සිය නිවෙසටම ගෙන්වාගැනීමේ අනගි අවස්ථාව ‘ලන්කාෆ්ලික්ස්’ නම් සමාගමක් මේ වන විටත් උදාකර දී අවසන්.

ජංගම දුරකතන, ටැබ්, ලැප්ටොප් හා ස්මාර්ට් ටීවී ඔස්සේ රසවිඳිය හැකි මෙම සේවාව උපාංග 3කට මාසිකව ඩොලර් 4.99ක ගාස්තුවකට (subscription fee) ලබාගත හැක. මෙම සේවාව වසරක කාලයකට එකවර ලබාගන්නේ නම් අයකරන ගාස්තුව ඩොලර් 50කි.

කෙසේවෙතත්, ගාස්තුවට යටත් වීමට පෙර දින හතක් මෙම සේවාව නොමිලේ ලබාදීමට ද ලන්කාෆ්ලික්ස් කටයුතු කරයි.

මෙම සේවාව ලබාගැනීමට www.lankaflix.com වෙත පිවිසෙන්න.



 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top