චාලි චැප්ලින් ට ආවේනික වූ රැවුලෙන් හා ඇඳුම් පැළඳුම් වලින් සැරසුනු රසික රසිකාවියන් පිරිසක් ඊයේ ස්විට්සර්ලන්තයේ වර්වේ නුවර පිහිටි ඔහුගේ අණුස්මරණ කෞතුකාගාරයට රැස්විය.
කෞතුකාගාරය විවෘත කර වසරක් ගතවූ ඊයේ දිනය, චාලි චැප්ලින් ගේ 128 වැනි ජන්ම සංවත්සරය ද වේ.
මෙම අවස්ථාවට 662 දෙනෙකු සහභාගී වූ අතර, චාලි චැප්ලින් ලෙස හැඳපැළඳගෙන එක්රැස් වූ විශාලතම පිරිස ලෙස ලෝක වාර්තාවක් ද තැබීමට ද මොවුන් සමත් විය.
(වීඩියෝ : YouTube)