Jun 15, 2022

Squid Game රියැලිටි ටීවී වැඩසටහනක් වෙයි!

මෙතෙක් වඩාත්ම ජනප්‍රිය වූ නෙට්ෆ්ලික්ස් නාට්‍ය මාලාව වන Squid Game ඇසුරෙන් රියැලිටි ටීවී වැඩසටහනක් නිපදවීමට නියමිත බව වාර්තා වේ.

නෙට්ෆ්ලික්ස් සමාගම පවසන්නේ කොටස් 10කින් යුත් මෙම වැඩසටහන් මාලාව සඳහා තරගකරුවන් 456කට එක්විය හැකි බවයි.

මෙම තරගකරුවන්ගේ වයස අවම වශයෙන් අවුරුදු 21 ක් විය යුතු බවත්, ඔවුන් ඉංග්‍රීසි භාෂාව කතා කළ යුතු බවත්, රූගත කිරීම් සඳහා 2023 මුල් භාගයේදී සති 4ක කාලයක් වෙන් කරගත යුතු බවත් නෙට්ෆ්ලික්ස් සමාගම කියා සිටියි.

කෙසේවෙතත්, Squid Game නාට්‍ය මාලාවේ මෙන් පරාජිත තරගකරුවන්ට සිය ජීවිත අහිමි නොවන බවත්, ඔවුන්ට අහිමි වන්නේ ජයග්‍රාහී තරගකරු හෝ තරගකාරියට හිමිවන ඇමෙරිකානු ඩොලර් මිලියන 4.56ක තරග මුදල පමණක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top