ඇය මිය යනවිට 78 වැනි වියේ පසු වූවාය.
1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගනයේ දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ අයුරින්ම නිර්මාණය වූ සාමා චිත්‍රපටයෙන් රඟපාමින් සිනමාවට පිවිසියාය.
චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වූවාය.
සෝමාගේ සිහිනය, තාරාදේවි, චරිත තුනක්, කුමාරහාමි, චාරුලතා, අවෙස්ද සහ ඉන්ද්‍රා, හිරුට මුවාවෙන්, නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට ද අය රංගන දායක වූවාය.