මෙය මුදා හැරීම පෙර ඉරාජ් සිය ෆේස්බුක් පිටුවේ සටහන්කර තිබුණේ මෙය මේ වසරේ මුදා හැරෙන ආන්දෝලනාත්මකම ගීත වීඩියෝව බවයි.
සමාජ ජාල හා වෙබ් අඩවිද මෙහි කේක් ගෙඩියක් කපා සිය උපන්දිනය සැමරීම නිසා ජනප්‍රියත්වයට පත් සමන්ත භද්රහිමිගේ රූප රාමුවක් ඇති බැවින් මෙය ආන්දෝලනාත්මක වන බවට ඉඟි පලකර තිබිණි.
කෙසේවුවද, මුදාහැරුණු ගීත වීඩියෝවේ සමන්ත භද්රහිමිගේ සමීප රූප රාමුවක් ඇතුළත්ව ඇත්තේ තත්පර දෙකක කාලයක් සඳහාය.
මේ ගීතය නිර්මාණය කළ ඉරාජ් ප්‍රඩක්ෂන් හඳුන්වාදීමටද ඊට වඩා වැඩි කාලයක් යොදමින් තත්පර 6ක් ඒ වෙනුවෙන් ගීතය ආරම්භයට පෙර වෙන්කර ඇත.
සම්පූර්ණ ගීත වීඩියෝව විනාඩි 4 ක් හා ත්ත්පර 44කි.
කෙසේවුවද, සමන්ත භද්‍රගේ තත්පර 2ක රඟපෑම සම්බන්ධයෙන් එහිමි මීට පෙර විනාඩි 6කුත් තත්පර 47ක වීඩියෝවක්ද ෆේස්බුක් සමාජ ජාලය වෙත මුදාහැර තිබිණි.
අදාළ වීඩියෝව පහත දැක්වේ.
සබැඳි පුවත්
සමන්ත භද්‍ර හිමි ඉරාජ්ගේ මියුසික් වීඩියෝවක ?