Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Apr 24, 2017

වෙසක් සමයට බෞද්ධ චිත්‍රපට උළෙලක්

ලයිට් ඔෆ් ඒෂියා පදනම විසින් වාර්ෂිකව පැවැත්වන බෞද්ධ චිත්‍රපට උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අයුරින් නවවැනි වරටත් එළිදැක්වෙන මෙම බෞද්ධ චිත්‍රපට උළෙල, බුද්ධශාසන  අමාත්‍යංශය හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගීත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 14 වැනි එක්සත් ජාතීන් ගේ වෙසක් උළෙලට සමගාමීව පිළියන්දල ඉදිවෙන ශාක්‍ය ජනපදයේ දී මැයි 10 - 14 දක්වා මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කෙටි චිත්‍රපට, සජීවීකරණ චිත්‍රපට, විශේෂාංග චිත්‍රපට, වාර්තාමය චිත්‍රපට හා ළමා චිත්‍රපට ඇතුළු ඛාණ්ඩ කිහිපයට අයත් බෞද්ධ චිත්‍රපට මෙහිදී තිරගත වන අතර, වෘත්තිමය හා ආධුනික සිනමාකරුවන් හට සිය දස්කම් දැක්වීමට තරගකාරී අංශයක් ද මෙහි පැවැත්වේ.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා www.buddhistfilmfestival.com වෙත පිවිසෙන්න.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top