Jul 29, 2022

ජොනී ඩෙප් පැය කිහිපයකින් මිලියන 3ක් උපයයි!

පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් තරුවක් වන ජොනී ඩෙප්, පැය කිහිපයක් තුළදී පවුම් මිලියන 03කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව වාර්තා වේ.

ඒ, ඔහු විසින් සිත්තම් කරන ලද චිත්‍ර එකතුවක් අලෙවි කිරීමෙනි.

ජොනී විසින් මෙම චිත්‍ර අලෙවිය පිළිබඳව ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්කර තිබුණු අතර, එම එකතුවට ඇමෙරිකානු ජන සංගීත තරුවක් වන බොබ් ඩිලන්, රෝලිං ස්ටෝන් සාමාජික - කීත් රිචඩ්ස් හා හොලිවුඩ් සංකේතයක් ලෙස සැලකෙන එලිසබෙත් ටේලර් ඇතුළු චරිත රැසකගේ චිත්‍ර ඇතුළත් විය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top