Aug 02, 2022

ලිට්ල් මර්මේඩ් හි දුෂ්ඨ හඬ නිහඬ වෙයි

'ලිට්ල් මර්මේඩ්' (පුංචි දියකිඳුරිය) නම් ඩිස්නි කාටුන් චිත්‍රපටයේ සිටි දුෂ්ඨ චරිතය වන 'අර්සලා' නම් මුහුදු මායාකාරියට හඬකැවූ පැට් කැරොල් දිවියෙන් සමුගෙන තිබේ.

අනූ පස් වියේ පසුවූ පැට්, නිව්මෝනියාව හේතුවෙන් මැසචූසෙට්ස් හි පිහිටි සිය නිවහනයේදී පසුගිය සෙනසුරාදා දින මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දක්ෂ විකට නිළියක් වූ පැට්, සීසර්ස් අවර් නම් රූපවාහිනි වැඩසටහන වෙනුවෙන් 1957දී එමී සම්මානයකින්ද පිදුම් ලැබුවාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top