Aug 09, 2022

ඔලිවියා නිවුටන්-ජෝන් දිවියෙන් සමුගනියි

දශක ගණනක් පුරාවට නිළියක් හා ගායිකාවක් ලෙස ලොවපුරා ජනප්‍රිය වූ ඔලිවියා නිවුටන්-ජෝන් සිය දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වේ.

වසර 1992 සිට පිළිකාවකින් පීඩා විඳි ඇය, මිය යන විට 73 වියේ පසුවිය. කැලිෆෝනියාවේ පිහිටි ඇගේ ගොවිපොලේදී සිය පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරු මිතුරියන් ආසන්නෙය්දී ඇය සාමකාමී ලෙස අවසන් හුස්ම හෙලූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

වසර 1978 බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඔලීවියා, හැදී වැඩුනේ ඕස්ට්‍රේලියාවේය.

ගායිකාවක් ලෙස සංගීත තැටි මිලියන ගණනක් අලෙවි කළ ඇය, ග්‍රැමී සම්මාන 4ක්ද දිනාගෙන ඇත.

එහෙත් ඇය වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ 'ග්‍රීස්' නම් සංගීත චිත්‍රපටයේ 'සැන්ඩි' ගේ චරිතය ඔස්සේය. ජෝන් ට්‍රැවොල්ටා සමග ඇය රඟපෑ එම චිත්‍රපටය, අදටත් හොලිවුඩ් පුරවරයේ නිෂ්පාදිත සාර්ථකම සංගීත චිත්‍රපටයක් ලෙස සැලකේ.

පිළිකාවකින් පීඩා විඳී ඇය, පිළිකා පර්යේෂණ පුළුල් කිරීමට දැඩි ලෙස කැප වූ අතර, ඇගේ පුණ්‍යායතනය වන ඔලිවියා නිවුටන්-ජෝන් පදනම විසින් පිළිකා පර්යේෂණ වෙනුවෙන් පවුම් මිලියන ගණනක් රැස් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top