ඇය මෙලෙස පෙනී සිටින්නේ දිනේෂ් විජන් ගේ ‘රාබ්තා’ චිත්‍රපටයේ තේමාගීතයටයි.
මෙම ගීතමය ජවනිකාවේ විශේෂත්වය වන්නේ එය එක රැයකින් අවසන් කිරීමට සමත්වීමයි.
දීපිකා ජවනිකාවේ ඉතාමත් කුඩා විස්තර පවා ඉතා මැනවින් අධ්‍යයනය කළ බවත්, එම ගීතයේ හැඟීම් හා සියුම් වෙනස්කම් පිළිබඳව අවබෝධ කරගැනීමට ඇය තමා සමග කතාබහක නිරත වූ බවත් විජන් පවසා තිබේ.
ඉන්පසුව එම ජවනිකාව ඉතා ඉක්මනින් රූගතකිරීමට හැකි වූ බව ඔහු සඳහන් කරයි.
මිට පෙරද ‘ලව් ආජ් කල්’ හා ‘කොක්ටේල්’ යන චිත්‍රපට වලදී දීපිකා සමග කටයුතු කළ විජන්, ‘රාබ්තා’ හි තේමාගීතයට පෙනීසිටීමට හැකියාවක් ඇතිදැයි විමසූ විටදී දිපිකා එයට එකපයින්ම කැමති වී ඇතැයි ද පැවසේ.
මෙලෙස රූගත වූ ‘රාබ්තා’ ගීතය පහත දැක්වේ.