මැයි 04 වැනි දිනට යෙදෙන ස්ටාර් වෝස් දිනය වෙනුවෙන් අපූරු සමරු සටහනක් මේ වන විට වෙළඳපොලට නිකුත් කර තිබේ.
මෙලෙස එළිදක්වා ඇත්තේ ඩාත් වේඩර් ගේ හිස් ආවරණයේ රන් අනුරුවකි.
ජපානයේ ගින්සා තනකා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් විසින් නිපදවා ඇති මෙය රාත්තල් 33ක් බර වන අතර, ඒ සඳහා නියම කර ඇති මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4කි.