1947 මැයි 01දා ජන්මය ලද ඩබ්ලිව්. ජයසිරි නිසැකයෙන්ම අයත් වන්නේ අතලොස්සක් වූ අපේ විශිෂ්ට නළු පරම්පරාවටය.
ඔහු වඩාත් සුවිශේෂ නළුවකු වන්නේ වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍යත්‍රවයම සිය රංග ප්‍රතිභාවෙන් ඔපවත් කළ නිසාවෙනි. එමෙන්ම අඛණ්ඩව තවමත් එකී මාධ්‍යයන්හි රංග කාර්යයේ නියැළෙන ජ්‍යෙෂ්ඨතමයා ද ඔහුය.
"හරිම බඩුහයක්" සමගින් රංගනය ආරම්භ කළ ඔහු නළුකමෙන් ඔබ්බට සිය කුසලතාවන් රැගෙන ගිය කලාකරුවකු ද වේ.
ඔහු තිර කතා රචකයෙකි. සහාය අධ්යක්ෂවරයෙකි. ගීත රචකයෙකි. මේ සියල්ල හරහා ඔහු තම අපූර්ව ප්‍රතිභාවත්, අනන්‍යතාවත් ප්‍රකට කළ අයුරු ප්රබුද්ධ ප්‍රේක්ෂකයාට, රසිකයාට අමතකව නැත.
මිනිස් ජීවිතවල ඇතුලාන්තයට එබිකම් කිරීම ඔහුගේ සිරිතය.
ඔහු විවිධාකාර වූ භූමිකාවන් ප්‍රති නිර්මාණය කරන්නේ ඒ අත්දැකීම්, අනුභූතින් ඔස්සේය. වෙස් ගැන්වීම්වලින් තොරව එකම ස්වරූපයකින් වුව ඕනෑම චරිතයකට අනුවර්තනය වීමේ හැකියාව ඔහු සතුව පවතින්නේ එකී හැදෑරීම නිසාවෙනි.
බොහෝ විෂයයන් පිළිබඳ මුහුකුරා ගිය දැනුමක් ඇත්තකු වු, ජයසිරි මහතාට සුබ උපන් දිනයක් වේවා යයි 'ශ්‍රී ලංකා මිරර්' සුභ පැතුම් ගෙනඑමු.