Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
May 04, 2017

ප්‍රියංකා ෂෝක් ජෝක් තෝරයි

පසුගියදා පැවති Met Gala උත්සවයේදී ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ලොවපුරා සැමගේ අවධානයට ලක්විය. ඇය මෙසේ අවධානයට ලක්වූයේ ඇය විසින් ඇඳ සිටි අපූරු ගවුම හේතුවෙනි.

රැල්ෆ් ලොරේන් (Ralph Lauren) සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම ගවුමේ යට කොටස අඩි 20ක් පමණ විය.

මෙම ඇඳුම අවධානයට ලක්වූයේ විලාසිතා ලොව තුළ පමණක් නොවේ. එය අන්තර්ජාලයේ ෆොටෝෂොප් නිර්මාණකරුවන්ගේ අවධානයට ලක්වූ අතර, ප්‍රියංකා ගේ ගවුම පාදක කරගනිමින් තැනුනු ෆොටෝෂොප් නිර්මාණ රැසක් අන්තර්ජාලය පුරා පැතිර යාමට ගතවූයේ පැයගණනක් පමණි.

විලාසිතා වලට මෙන්ම හාස්‍යය සඳහා ද රුචිය පෙන්වමින් ප්‍රියංකා විසින් මෙලෙස නිම වූ ෆොටෝෂොප් නිර්මාණ අතරින් තමා ගේ කැමතිම නිර්මාණ ඇතුළත් කර ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් යොදා තිබේ.

ඇය යෙදූ ඉන්ස්ටර්ග්‍රෑම් සටහන මෙසේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top