සාද් මොහොමඩ් නම් මෙම පුද්ගලයා මෙම කුරානය නිර්මාණය කර ඇත්තේ මීටර 700ක් දිගැති ලැයවිල්ලක් ලෙසිනි. මෙහි විශේෂත්වය වන්නේ මෙම ලියවිල්ල සම්පූර්ණයෙන්ම දිගහැරියහොත් එය එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මෙන් දෙගුණයක් උස වේ.
වසර තුනක් පුරාවට සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා වූ සම්පූර්ණ වියදම් දරා ඇත්තේ මොහු විසිනි.
අත්කම් නිර්මාණයක් ලෙස සැකසූ විශාලම කුරානය සඳහා ගිනස් වාර්තාව තමාට හිමිවනු ඇතැයි මොහොමඩ් විශ්වාස කරන නමුත්, ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීම සම්බන්ධයෙන් තමා ගැටළුවකට මුහුණපා ඇතැයි ඔහු කියා සිටියි.
(ඡායා : බීබීසී ලෝක සේවය)
https://sinhala.srilankamirror.com/art/3879-egyptian-creates-700m-koran-by-hand#sigProId4cd68b97ec