මේ වන විට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර අයිස්ක්රීම් කෞතුකාගාරයක් විවෘත කර ඇති අතර, ජුනි මාසය දක්වාම එහි ප්රවේශපත්ර මේ වන විටත් අලෙවි වී අවසන් ය.
මෙහි සම-නිර්මාතෘ මරියලිස් බන් පවසන්නේ මෙය ‘කෞතුකාගාරයක්’ ලෙස නම් කෙරුණද, එය සාම්ප්රදායික කෞතුකාගාරයක් නොවන බවයි.
‘මං කැමති මෙතැන්ට එන ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ටත් ළමයි වගේ දැනෙන්න. ඒ වගේ විනෝදයක් ලබන්න,’ යැයි ඇය පවසන්නීය.
මෙහි කාමර 10ක් පමණ ඇති අතර, ඒ සෑම කාමරයකම රසබැලීමට, සුවඳ බැලීමට හෝ ඇල්ලීමට විශේෂ යමක් තිබේ. කෙසෙල් ගෙඩි අනුරූ වලින් පිරුණ කාමරයක් ද , ස්ප්රින්ක්ල්ස් පුරවන ලද පිහිනුම් තටාකයක් ද මෙහි තිබේ.
මෙහි විචිත්රවත් දසුන් පහත වීඩියෝවෙන් බලන්න.
බන් විසින් පසුගිය වසරේදී මෙවැනිම කෞතුකාගාරයක් නිව් යෝක් නුවරදී ද විවෘත කළාය.