ඉන්දීය සම්මානලාභී කලාකරුවෙක් වන වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් විසින් මෙය සිදුකර ඇත.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම කලා ශිල්පියාට ශ්‍රී ලංකාවට ඇරයුම් කර තිබිණි.
මොහු ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි.
ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ලබන ඉරිදා (14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10.00 සිට සවස 07.00 දක්වා පැවැත්වෙන සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරයි.
ඒ අනුව අඩි 50ක් පමණ දිගින් යුක්තව මෙම බුදු පිළිමය නිර්මාණය කිරීමට ඔහු සැළසුම් කර ඇතැයි වාර්තා වේ.
සුදර්ශන් පට්ටනයික්, පසුගියදා පැවැති ’10 වන මොස්කව් වැලි කලාව තරගාවලියේ 2017′ දී ජූරි ත්‍යාග රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.
(ඡායා : @ i am karthik ගේ ට්විටර් ගිණුමෙන්)