බිල්බෝඩ් මියුසික් සම්මාන ප්රදානෝත්සවය සම්බන්ධ තරගයක් පිළිබඳව ඇය පසුගිය සෙනසුරාදා ටිවිටර් ඔස්සේ අදහස් දක්වමින් සිටින අතරතුරේදී එක් රසිකයෙකු ඇගෙන් අහම්බෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ, සිය විශ්ව විද්‍යාල දේශන සඳහා අවශ්‍ය ගාස්තු ලබා දීමට සහය ලබාදිය හැකිද යන්නයි.
වහාම පිළිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ විභාග ප්‍රතිපල වලින් දිගින් දිගටම A සාමාර්ථ පෙන්වුවහොත් එම මුදල් ලබාදීමට තමා කටයුතු කරන බවයි. ඊට අමතරව ඇය තවත් රසික රසිකාවියන් සඳහා ද මෙම උපකාරය සිදුකිරීමට කැමැත්ත පළ කළාය.
ඇගේ මෙම ක්‍රියාව බෙහෙවින් ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර, මෙම සිද්ධියේ සාරාංශයක් ඇතුළත් වීඩියෝවකි මේ.
(වීඩියෝ : Playground +)