කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප සන්ෆලවර් සංගීත කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක තිලක්සිරි බලගල්ල මහතාගෙන් කළ විමසීමකදී ඔහු එය ප්රතික්ෂේපකර සිටියේය.
ඔහු කියා සිටියේ සන්ෆලවර් විකුණා නැති බවයි.
මාධ්යවාර්තාවලට අනුව මෙම සංගීත කණ්ඩායම ඉදිරියේදී සහභාගිවන සංගීත සංදර්ශන 70කින් පසුව එහි අයිතිය ශාන් නැමැත්තෙකුට හිමිවීමට නියමිතය.
ශාන් නැමැත්තා සංගීත කණ්ඩායම් මිලදී ගැනීමට නම් දැරූවකු සේ සැලැකෙන අතර ඔහු මීට පෙර මහින්ද සිල්වා ගේ සුපර් ස්ටාර්ස් සංගීත කණ්ඩායමද මිලදීගෙන තිබේ.
මේ වන විට තාල් යන නමින් නීල් තවත් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනු ලබයි.
අතුල අධිකාරි, අර්නි පිරිස් හා මහින්ද සිල්වා සන්ෆලවර් හැරගිය පළමු සාමාජිකයන් සේ සැලැකෙන අතර ඉන් පසුව එහි නිත්‍ය සාමාජිකයකුව සිටියේ නායක නීල් පමණි.