මේ පිළිබඳව ඩිස්නි සමාගමේ ප්රධාන විධායක නිලධාරී - බොබ් ඊගර් විසින් සඳුදා දින පැවති රැස්වීමකදී පවසා ඇතැයි හොලිවුඩ් රිපෝටර් වෙබ්අඩවියේ දැක්වේ.
ඊගර් විසින් මෙලෙස සොරකම් කරන ලද චිත්රපටයේ නම සඳහන් කර නොමැති වුවත්, ඩෙඩ්ලයින් වෙබ්අඩවිය සඳහන් කරන්නේ මෙලෙස සොරකම් කර ඇත්තේ පයිරේට්ස් ඔෆ් ද කැරීබියන් චිත්රපට මාලාවේ නවතම චිත්රපටය වන ඩෙඩ් මෙන් ටෙල් නෝ ටේල්ස් (Pirates of the Caribbean: Dead Men Tell No Tales) චිත්රපටය බවයි. මෙය, එම චිත්රපට මාලාවේ පස්වැනි චිත්රපටයයි.
බිට්කොයින් වලින් මෙම කප්පම ගෙවීමට ඩිස්නි සමාගම අපොහොසත් වුවොත් එය විනාඩි 20 කොටස් වශයෙන් අන්තර්ජාලයට එක්කරන බවට මෙම සයිබර් ප්රහාරකයන් තර්ජනය අඟවා තිබේ.
කෙසේවෙතත්,ඊගර් මහතා පවසා ඇත්තේ ඩිස්නි සමාගම මෙම කප්පම නොගෙවන බවත්, මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට ෆෙඩරල් පරීක්ෂකයන් හා කටයුතු කරන බවත්ය.