May 18, 2017

බොලිවුඩ් රිදී තිරයේ ආදරණීය මව සමුගනී

ජනප්‍රිය බොලිවුඩ් නිළි රීමා ලාගූ මියගොස් ඇතැයි වාර්තා වේ.

59 වියේ පසුවූ ඇය මිය ගොස් ඇත්තේ හෘද වස්තුව අක්‍රීය වීම හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

හැත්තෑවේ දශකයේදී බොලිවුඩ් රිදී තිරයට පිවිසි ඇය, වඩාත් ජනප්‍රිය වූයේ බොලිවුඩ් චිත්‍රපට වල ප්‍රධාන නළු නිළියන් ගේ මවගේ චරිතයට පණපොවමිණි. හම් ආප්කේ හේන් කෝන්, හම් සාත් සාත් හේන්, කුච් කුච් හෝතා හේන් හා මේනේ ප්‍යාර් කියා ඇය රඟපෑ චිත්‍රපට අතලොස්සකි.

ඇය සල්මාන් ඛාන් ගේ මව ලෙස චිත්‍රපට කිහිපයකම රඟපෑම හේතුවෙන් රිදී තිරයේ ඔහුගේ මව ලෙස ද හැඳින් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top