May 24, 2017

"සියත සූපර් බ්ලාස්ට්” කුරුණෑගල දෙවනත් කරයි !

සියත fm හා සියත tv නාලිකා විසින් සංවිධානය කරන ලද "සියත සූපර් බ්ලාස්ට්" සංගීත ප්‍රසංගය පසුගිය 20 වැනිදා කුරුණෑගල මාළිගාපිටිය ක්‍රිඩාංගනයේදී පැවැත්විනි.

සංගීත කලාවට ජාත්‍යන්තර ප්‍රමිතිය එක් කරමින් පැවැත්වුණු මෙම සංගීත ප්‍රසංගය පුරාවට නවතම අත්දැකීම් ගණනාවක් දැකගත හැකි වූ බව වාර්තා වේ.

ජාත්‍යන්තර ආකෘති රැගත් ප්‍රසංග වේදිකාව හා නවතම තාක්ෂණයෙන් යුතු ආලෝකකරණ පද්ධතිය අති විශාල LED තිරය මෙම ප්‍රසංගය පුරා කාගේත් අවධානයට යොමු වූ නවාංග වේ.

දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ Flash Back සංගීත කණ්ඩායම සැපයු සංගීතයට දිවයිනේ ජනප්‍රියතම ගී තරු රැසක් සහබාගී වී ඇත.බාතිය සංතුෂ් ,අමල් පෙරේරා,ශෂිකා නිසංසලා,සදුන් පෙරේරා,දිමංක වෙල්ලාලගේ,අතුල අධීකාරි,සුසිල් ප්‍රනාන්දු,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,ශානිකා වනිගසේකර ඇතුලු ගායක ගායිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම ප්‍රසංගය සදහා නර්තන දායකත්වය නිරෝෂා තලගල ප්‍රමුඛ U ඩාන්සර්ස් විසින් සපයා තිබිණි.

- අචලා පියරත්න

superblaste2 670 px 24 05 17

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top