May 29, 2017

ඕෂධී විවාහක රූරැජිනක් වෙයි (වීඩියෝ)

ඊයේ (28) දින ලැට්වියාවේ පැවති Mrs. Top of the World විවාහක රූරැජින තරගයෙන් ජනතා සම්මානය දිනාගැනීමට මෙරට නිළියක් නිවේදිකාවක් හා නර්තන ශිල්පිණියක් වන ඕෂධී හේවාමද්දුම සමත් වී තිබේ.

සිය ජයග්‍රහණයෙන් පසුව ෆේස්බුක් වෙත වීඩියෝවක් මුදාහරමින්, සිය ගමනට අතහිත දුන් සියළු දෙනා හට ස්තූතිය පළකර තිබුනේ මෙලෙසිනි.

 ඇය ජුනි 03 දා මෙරටට පැමිණීමට නියමිත බවත්, යළි පැමිණීමෙන් පසුව ගංවතුරෙන් විපතට පත්වූවන් හට උපරිමයෙන් සහය දෙන බවත් ඇය සඳහන් කරයි.

“ලංකාව ලොකු ව්‍යවසනයක ඉන්න වෙලාවක මට ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ මේ විදියට ජයගන්න ලැබිච්ච එක ගැන මං ස්තූතිවන්ත වෙනවා… ජුනි 03 මං ලංකාවට එනවා… ලංකාවට ආපු ගමන්ම මට කරන්න පුළුවන් උපරිම දේවල් ලංකාවේ ව්‍යවසනයට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් මං කරනවා,” යැයි ඇය පවසයි.

2017 Mrs. Top of the World විවාහක රූරැජින තරගයෙන් ජයගැනීමට බෙල්ජියමේ බාබරා මොනිකා රොඩ්රීගස් සමත් විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top