May 31, 2017

රෙදි නැතුව කොල්ලෙක් හොයන ඔලිම්පික් ශූරිය

ඔලිම්පික් පදක්කම් ලාභී ඕලන්ද ජාතික පිහිනුම් ශූරියක වන ඉන්ජ්ද බෘයිජින් පෙම්වතකු සොයා ගැනීමේ අරමුණින් ඕලන්දයේ රියැලිටි වැඩසටහනකට සම්පූර්ණයෙන් නිරුවත්ව පෙනී සිට ඇති බව වාර්තා වේ.

වැඩසටහනට අනුව පුද්ගලයන් 6 දෙනකු සමඟ දූපතක තනිවන ඉන්ජ් ඉන් එක් පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි.

එහිදී ඇය ඇතුලු පිරිස එම ඉදිරිපත් කිරීම කර ඇත්තේ නිරුවතින් බව කියැවේ.

1992 දී ඔලිම්පික් තරග සඳහා එක්වූ ඉන්ජ් 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මුල්වරට රන් පදක්කමක් දිනා ඇත.

අනතුරුව ඇය එහිදී දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 3කි.

2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් උළෙලේදී තනි ඉසව්වකින් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් හිමි කරගත් ඇගේ එවකට වයස අවුරුදු 31කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top