කෙසේවෙතත්, බොහෝ අන්තර්ජාල පරිශීලකයන් පවසා තිබුණේ ඇය අගමැතිවරයාට කිසිදු ආකාරයක අගෞරවයක් සිදුකර නැති බවයි.
මෝදි අග්රාමාත්යවරයා හමුවන විට සැරසී සිටි ගවුම විවේචනය කළ පුද්ගලයන් ට ප්රියංකා ප්රතිචාර දක්වා තිබුණේ තම මව සමග කෙටි ඇඳුම් ඇඳ දෙපා නිරාවරණය කරමින් ගනු ලැබූ ඡායාරූපයක් ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ පළකිරීමෙනි.
කෙසේ වෙතත්, ඇය දෙවැනි වරට විවේචනයට ලක්වූයේ හිට්ලර් සමයේ ඝාතනය කරනු ලැබූ යුදෙව්වන් වෙනුවෙන් බර්ලින් අගනුවර පිහිටි බර්ලින් යුදෙව් සංහාර අනුස්මරණ සමාධියේදී ප්රියංකා සිය සොහොයුරා සමග ගත් සෙල්ෆි ඡායාරූප හේතුවෙනි.
හිට්ලර් සමයේදී සමූලඝාතනය කරනු ලැබූ යුදෙව්වන් මිලියන 6ක් සිහි කිරීමට ඉදිකර ඇති මෙම අනුස්මරණ සමාධිය ඉදිරියේ දී මෙලෙස හැසිරීම පිළිබඳව ඇය ඉතා දරුණු විවේචනයට ලක්විය.
කෙසේ වෙතත් මෙම විවේචන හමුවේ ප්රියංකා එම ඡායාරූප ඉවත්කරගැනීමට කටයුතු යොදා තිබේ.