අමීර් මෙලෙස ගගනගාමියෙක් වන්නේ ඔහු ගේ අළුත්ම චිත්රපටයටයි.
සැලූට් (Salute) ලෙස නම් කර ඇති මෙම චිත්රපටය, ඉන්දියාවේ පළමු ගගනගාමියා වන රාකේෂ් ශර්මා ගේ ජීවිත කතාව ඇසුරෙන් තැනුනකි.
සිය රංගන දායකත්වයට අමතරව, අමීර්, රොනී ස්ක්රූවාලා හා සිද්ධාර්ථ් රෝයි කපූර් සමග මෙම චිත්රපටයේ සම-නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ඇත.
මේ දින වල ඔහු තග්ස් ඔෆ් හින්දුස්ථාන් නම් චිත්රපටයේ රූගතකිරීම් සඳහා මෝල්ටා වලට ගොස් සිටියි. මෙම චිත්රපටයට කත්රිනා කයිෆ් හා අමිතාබ් බච්චන් ද රංගන දායකත්වයක් ලබාදෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.