Jun 14, 2017

මේරි පොපින්ස් සිත්තමට මෙරිල්ත් සෙට් වෙයි

හැටවැනි දශකයේ ජනප්‍රියතම බටහිර චිත්‍රපටයක් වූ මේරි පොපින්ස් චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය සඳහා සුප්‍රසිද්ධ නිළි මෙරිල් ස්ට්‍රීප් ද රඟපානු ඇති බව වාර්තා වේ.

ඇය පණපොවනු ඇත්තේ මේරි පොපින්ස් චරිතයේ ඥාති සහෝදරියක් වන ටොප්සි ගේ චරිතයටයි.

මෙම චිත්‍රපටයේ මේරි පොපින්ස් චරිතයට සඳහා තෝරාගෙන ඇත්තේ එමිලි බ්ලන්ට් ය. මුල් චිත්‍රපටයේ මෙම චරිතයට පණපොවා තිබුණේ ජූලි ඇන්ඩෲස් ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top