Pasidol
Sathosa Ad Final Sinhala
Jun 20, 2017

ශාරුක් ක්‍රිකට් කණ්ඩායමක් මිලට ගනී

දකුණු අප්‍රිකාවේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක හිමිකාරිත්වය ඉන්දියාවේ සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් විසින් හිමිකරගෙන තිබේ.

කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ කේප් ටවුන් කණ්ඩායමේ හිමිකාරිත්වය ශාරුක් ඛාන් ලබාගෙන තිබේ.

ශාරුක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වයද දරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය මෙන් පැවැත්වීමට නියමිත තරගාවලියේ කණ්ඩායම්, හිමිකරුවන් හා ප්‍රධාන ක්‍රීඩකයන් ලන්ඩනයේ දී එළි දැක්වීය

ශාරුක්ට අමතරව දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ජී.එම්.ආර්. සමාගමද දකුණු අප්‍රිකානු විස්සයි 20 ලීග තරගාවලියේ කණ්ඩායමක හිමිකාරිත්වය ලබාගෙන තිබේ.

කාගිසෝ රබාඩා ප්‍රධාන ක්‍රීඩකයා වශයෙන් පත්ව ඇති ජොහැන්නස්බර්ග් කණ්ඩායමේ හිමිකාරිත්වය මෙසේ ජී.එම්.ආර්. සමාගම ලබාගෙන තිබේ.

පාකිස්තාන සුපර් ලීගයේ කණ්ඩායම්හි හිමිකරුවන් වන ෆාවඩ් රානා (ඩර්බන්) ජාවෙඩ් අෆ්රිඩී (බෙනෝනි) යන කණ්ඩායම් හිමිකරගෙන තිබේ.

ඉතිරි කණ්ඩායම් ඩුබායි, (පෝරට් එළිසබෙත්) හොංකොං (බ්ලොම්ෆොන්ටීන්) හා දකුණු අප්‍රිකනු ව්‍යාපාරිකයන් (ප්‍රෙටෝරියා හා ස්ටෙල්ලෙන්බෝෂ්) හිමිකරගෙන තිබේ.

ක්‍රීඩකයන් 400ක් පමණ තරගාවලියට එක්වීමට මේ වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර එහි ක්‍රීඩකයන් තෝරා ගැනීම අගෝස්තු මාසයේදි පැවැත්වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top