Jun 21, 2017

ඩැනියෙල් ඩේ ලුවිස් විශ්‍රාම යයි

හොලිවුඩ් පුරයේ සම්මානලාභී නළුවෙකු වන ඩැනියෙල් ඩේ ලුවිස් සිය වෘත්තියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

මේ වන විට 60 වියේ පසුවන ඔහුගේ නියෝජිතවරයා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

මෙය පෞද්ගලික තීරණයක් බවත් තමාට සහයදුන් සියලුදෙනා හට ස්තූතිවන්ත වන බවත් හෙතෙම පවසා තිබේ.

වසර 1971 දී රංගනයට අත්පොත් තැබූ ඔහු, මේ වන විට තෙවරක් ඇකඩමි සම්මාන වලින් පිදුම් ලබා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top