Pasidol
Sathosa Ad Final Sinhala
Nov 11, 2016

ලක් කලාකරුවන් 5කට බුන්කා සම්මාන

ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව සංස්කෘතික පදනම සංවිධානය කළ 23 වැනි බුන්කා සංස්කෘතික සම්මාන උළෙල පසුගිය 06 වැනි දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී පවත්වනු ලැබීය.

මෙවර බුන්කා සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා කලාකරුවන් මෙසේය.

1. රැවන්ති ද චිකේරා (වේදිකා නාට්‍ය)
2. සුලෝචනා දිසානායත (රූකඩ)
3. කිෂානි ජයසිංහ (සංගීතය)
4. විමුක්ති ජයසුන්දර (සිනමාව)
5. ආචාර්ය එස්. ජයසංකර් (වේදිකා නාට්‍ය)

ජපානයේ සංස්කෘතික බෙර සංදර්ශනයක් ද එම අවස්ථාවේදී පැවැත්වුණි.

අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම සම්මාන උළෙලට එක්විය.

වාර්ෂිකව පවත්වෙන බුන්කා සම්මාන උළෙල ප්‍රථම වරට ඇරඹුනේ 1993 වර්ෂයේදීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top